දුන්හිද ඇල්ල යනු ලංකාවේ ඉතාම සුන්දර හා වඩාත් ජනප්‍රිය දිය ඇල්ලකි. මෙය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල – මහියංගනය මාර්ගයේ බදුල්ල නගරයේ සිට කිලෝමීටර 5ක් පමණ දුරකිනි. බදුල්ල නගරයට පැමිණ විනාඩි 10 කින් පමණ දුන්හිදට පිවිසෙන මංසන්ධියට පැමිණීමට ඔබට හැකිය. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 2ක් පමණ පටු මාර්ගයක පයින් ගමන් කළ විට මේ සුන්දර දිය ඇල්ල ලඟට පැමිණීමට ඔබට හැකිය. එම ගමන තරමක වෙහෙසකර ගමණකි. නමුත් ඇල්ලේ සුන්දරත්වය බැලීමට යන ඔබට එම විඩාව නොදැනෙනවා නොඅනුමානය.

දුන්හිද ඇල්ල කරා යන මාර්ගය දෙපස වෙලදසැල් රාශියකි. එහිදී ඔබට විඩාව නිවාගෙන ආහාර හා බීම පානය කිරීම කල හැකිය. එසේම එම ඇල්ල කරා යන මාර්ගය දෙපස රිලවුන් නිතර නිතර හමුවේ. එවුන් මිනිසුන්ට හොදින් හුරු පුරුදු බවක් පෙන්වයි.

මෙම දිය ඇල්ල පෝෂණය වන්නේ බදුලු නගරය හරහා ගලන බදුලු ඔයෙනි. උසින් මෙය මීටර 65ක් පමණ වේ. උසින් අඩු වුවත් ඇල්ල පෙන්නුම් කරන විචිත්‍රත්වය නෙත් සිත් ආකර්ෂණය කර ගනී. මෙහි දිය ඇල්ල නැරඹීමට සෑදූ වේදිකාවකි. එහි සිට ඔබට ඇල්ලේ සුන්දරත්වය ඉතා සුන්දරව නැරඹීම කළ හැකිය. එසේම වේදිකාවෙන් පහළට ගොස් බදුලු ඔය ලගට ගොස් දුන්හිද දියඇල්ල බැලීමටද ඔබට අවසර ඇත. නමුත් මෙහිදී අප ඔබෙන් ඉල්ලා සිටින්නෙ කිසිවිටෙක ඇල්ල අසල දිය නෑම නොකරන ලෙසය. මන්ද මෙහි දිය නෑමට ගොස් මියගිය බොහෝ පිරිසක් සිටිනා බැවිනි. එසේම වැසි දවසට ජල කද තියුණු බැවින් දිය ඇල්ල බැලීමට පහලට ගමන් කිරීමද නොකරන්න.

එසේම කිසිවිටෙක මෙම දිය ඇල්ල අවට ප්‍රදේශය පොලිතීන් ප්ලාස්ටික් වලින් අපවිත්‍ර නොකරන්න. මන්ද අපේ රටේ මෙම සුන්දර ස්ථාන තව බොහෝ කලක් සුරක්ෂිත වීම සිදුවිය යුතු නිසාවෙනි. එසේම ප්‍රධාන දිය ඇල්ලට යන මාර්ගයේ පුංචි දුන්හිද නම් තවත් දිය ඇල්ලක් ඇති අතර එය බැලීමට යාමනම් කල නොහැක්කකි.

එසේනම් ඔබ බදුල්ලට සංචාරයට පැමිණේ නම් මේ සුන්දර දුන්හිද ඇල්ල නැරඹීමට අනිවාර්‍යයෙන්ම පැමිණෙන්න. හැමෝටම බැලීමට මෙම ලිපිය Share කිරීමටද අමතක නොකරන්න.

(Dunhida Waterfall Image: උva සිරි Facebook Page)

By ishara

Leave a Reply

Your email address will not be published.