SL Traveler වෙබ් අඩවිය ගෙන එන Talk with Traveler විශේෂාංගය වෙත අප ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. මෙවර අපගේ විශේෂාංගය සදහා සහභාගී වූයේ Waten Piten – වටෙන් පිටෙන් Youtube Channel එකේ Lahiru Gunarathna සහෝදරයාය.


ඉතින් ලහිරු ගැන කතා කලොත් ඔහු Hiker කෙනෙක් වගේම බොහෝ දෙනා ගමන් නොකරන තැන්වල ගමන් කරන්නෙකු ලෙසද හැදින්විය හැකිය. Youtube Channel එක පටන්ගෙන කෙටි කාලයකින් ඔහු වටා අද වනවිට Subscribe 2000 කට වැඩි ප්‍රමාණයක් එකතුවී  ඇත.ඔහු විසින් කරන ලද දෝතලුගල සංචාරක වීඩියෝව හරහා ඔහුව හදුනාගත් අප එම වීඩියෝව නිසාම එහි සංචාරය කරන්නටද පෙලඹුනෙමු.


මේ නිසාම අප අපේ මෙම Talk with Traveler වැඩසටහන සදහා පලමුවෙන්ම ලහිරු ගුනරත්න සහෝදරයා සම්බන්ද කර ගත්තෙමු. පහතින් දැක්වෙන්නේ ඔහු හා අප අතර වූ සොදුරු සංවාදයයි.

1)  Lahiru කියන්නේ කවුද, ඔබ මොකද කරන්නේ හා ඔබේ විස්තර මදක් කීවොත්?
“ළහිරු කියන්නෙ ඇත්‍තටම කීවොත් ඇවිදින්න කැමති තාම ලංකාවෙ පොඩිම පොඩි තැන් ටිකක ඇවිදලා තියන , මුළු  ලංකාවෙම  ලස්සන ඇස් දෙකෙන් බලන්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්.  ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය තමා අධ්‍යාපනය හැදෑරුවෙ. ජීව විද්‍යා අංශයෙන් තමා අ.පො.ස.  උසස් පෙල හැදෑරුවේ.රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි සම්පත් කළමණාකරණ පීඨයට  විශ්වවිද්‍යාල වරම් හිමිවුනත්   විශ්ව විද්‍යාලයට යන්නෙ නැතුව  1990 සුවසැරිය ගිලන්‍ රථ  සේවාවේ හදිසි  වෛද්‍ය  තාක්ෂණ නිලධාරියෙකු විදිහට සේවයට බැඳිල  අවුරුදු තුනක් සේවය කලා. දැන් 1990 ට සමුදීලා පුහුණු මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකු  වශයෙන් පුහුණුව හදාරනවා .දැනට මම ගැන එච්චරයි.”

2) වටෙන් පිටෙන් Youtube චැනල් එක කොහොමද පටන් ගත්තේ ඔබ?
“ඉතින් මුලින්ම දාලා තිබ්බේ නම වටෙන් පිටෙන් නෙවෙයි ඇත්තටම. වෙන නමක් තමයි දාලා තිබ්බේ.හැබැයි ඒ නමට පොඩි ප්‍රශ්නයක් වුණා .ඉතින් ඊට පස්සේ ඒ නම් අයින් කරන්න වුණා.ඊට පස්සේ අලුත් නමක් හිත හිත ඉන්නකොට  තමා වටෙන්  පිටෙන් කියන මතක් උනේ.  වටෙන් පිටෙන් කියන නම හැදෙන්න කලින් ඉඳන් ඒ  youtube පටන ගන්න කලින්  වාහන ලයිසන් ගත්තු දවසේ ඉඳන් bike එකේ ගොඩාක් තැන් වල ඇවිද්දා. ඊට පස්සෙ අවිදින තැන් video කරල youtube එකේ  uploard  කරල තිබ්බනම් ඒ මතක හැමදාම තියෙයි කියල හිතුන. ඒක නිසා තමා youtube එකට video දාන්න පටන් ගන්න හිතුනෙ.”

3) ඔබේ චැනලයේ මේ වෙනකොට කරලා තියෙන වීඩියෝ ගැන මදක් කීවොත්?
 “මගේ channel එකේ ගොඩක්ම තියෙන්නේ ඇත්තටම කිව්වොත් travel videos. ඉතින් මේ ඔක්කොම වීඩියෝ කරන්න ඕන හින්ද  travel කරල  කරපු වීඩියෝ නෙවෙයි  travel කරන ගමන් අමතර වැඩක් විදිහට  කරපු වීඩියෝ. ඉතිං  ඒ නිසා ගොඩක් අඩුපාඩු ඇති වීඩියෝ වල නම්”

4) චැනලයේ දැන් තත්වය හා වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන වීඩියෝව හා සමස්තයක් වශයෙන් ලැබන ප්‍රතිචාර ගැන කීවොත්?
“ඉතින් දැනට මං දාලා තියෙන travel videos වලින් වැඩිම ප්‍රතිචාර තියන නුවරගල වීඩියෝ එකට .ඊට පස්සේ ලංකාවේ උසම  දාම දිය ඇල්ල ඒ කියන්නෙ  ගැරඬි ඇල්ල ගැන  දාලා තියන video   එකට, ඒ වගේම මිටියාවතේ මරකත ඇලි වලට අපි ගිය වීඩියෝ එකට, ඒ වගේම වගේම නකල්ස් 5 peaks   video එකට එක සමාන ප්‍රතිචාර තියනවා. සමස්ථයක් විදිහට ගත්තොත් ලංකාවෙ ,ඒවගේම ලංකවෙන් පිට  ගොඩාක් අය ඉන්නව travel කරන්න ආස ඒත් එක එක හේතු නිසා  යන්න බැරි අය. ඉතින් මේ  වගේ ගොඩක් අය video බලනව. ඒ අයගෙන් ගොඩාක් හොඳ  ප්‍රතිචාර තියනවා. බනින අයත් නැතුවම නෙවේ ඉතින්. ඒ ඉතින් ලංකාවෙ හැටිනෙ.”

5) ඔබ travel කරන්නේ තනියම ද එහෙමත් නැත්නම් කණ්ඩායමක් එක්ක ද
 “මම travel  කරන්නෙ ඇත්තෙන්ම කණ්ඩායමක් එක්ක,  මම කවදාවත් තාම තනියම  ගමනක් ගිහිල්ලම නෑ.”

6) වීඩියෝ කරනකොට හා ගියපු සංචාරවලදී ලැබුනු අමතක නොවන අත්දැකීම්?

“මම හොඳම අත්දැකීමක් ගත්තෙ මිටියාවතේ මරකත ඇලි වලට ගිගිල්ල.අපි ගමන පටන් ගන්නකොටම  වැස්ස. ආපහු හැරිල යන්නත් බෑ. මොනව කරන්නද ආපු ගමන යමු කියල හැමෝම යන්න පටන් ගත්‍තත් ඒක කරපු ලොකු මෝඩකමක් කියල හිතෙන්න උපරිම පැයක් යන්න ඇති. කැලේ මැඳින් 6km  විතර යන්න තිබ්බත් වැස්ස නිසා කොච්චර ඉක්මනින් යන්න හැදුවත් හරියන්නෙ නෑ.මොකද ගොඩක් දුර යන්න තියෙන්නෙ වතුර පාර දිගේ. ගල්  ලිස්සනවා , අනිත් එක කූඬැල්ලො.  එකෙක් අයින් කරද්දින් දහයක් විතර නගිනවා.  කොහොම  හරි camp කරන්න හිටපු ඇල්ල ගාවට හවස 4 විතර වෙනකොට අපිට  එන්න  පුලුවන් උනා. ගමන් මහන්සියත් එක්ක අද රෑ නම් නිදා ගන්නවා පැලෙන්න කියල හිතාගෙන tent දෙක ගහල එතන තියන natular pool එක වගේ තැනින් නාල , noodles.හදල කාලා නිදාගන්න යනකොටත් tent එක ඇතුලට වතුර ඇවිල්ල නෑ. කට්ටියට මාර සතුටියි.අද  රෑ නම් අවුලක් නෑ  tent එක ඇතුලට වතුර එන්නෙ නෑ කියල.
ඒ සතුට උපරිම රෑ 9 වෙනකන් තියෙන්න ඇති. ඇතුලට වතුර බිංදුවෙන් බිංදුව වැටෙන්න පටන් ගත්තා.මෙහෙම  බිංදු බිංදු ඇවිල්ලා tent eka ඇතුල ගඟක් වෙලා.එලියට යන්න බෑ  වැස්ස. කොහොම හරි ජීවිතේ පලවෙනි පාරට රෑයක් පුරාවට තෙමි තෙමී බිම ඉඳගෙන  ඉන්න උනා.
කොහොමෙන් කොහොම හරි උදේ උනත් වැස්ස අඩු උනේ නම් නෑ.ඉතින් අපි වැස්සෙම පාන් කාලා කිරි එකක් හදාගෙන බීලා  එතන ඉඳල පොඩ්ඩක් ඈතට වෙන්න  තිබ්බ 60m විතර උස දිය ඇල්ල බලන්න ගියා.ගිහින්  ආපහු එන්න පැයක් යන්න ඇති උපරිම. එනකොට ගඟ උතුරලා ගඟෙන්  එගොඩ වෙන්න බෑ. එතන ඉන්නත් බෑ.මොකද කෑමත් නෑ , phone වලට signal,battery ත් නෑ. මාරු වෙනකොට ලිස්සුවොත්  එහායින් තියන 80m විතර උස ඇල්ලකින් පල්ල. කොහොම හරි අත් දම්වැලක් හදාගෙන පරණ කරල තිබ්බ පිනකට එතනින් මාරු වෙන්න පුලුවන් උනා.

මේ වගේම ඒ තරම්ම නැති උනත්  උනත් හැම ගමනකින්ම අලුත් අත්දැකීමක් ගන්න පුලුවන් වුනා. ඒක travel කරන හැමෝටම පොදු දෙයක් මම හිතන විදිහට”

7) ඉස්සරහට සංචාරය කරන්න හා වීඩියෝ කරන්න ඉන්න තැන්? 
“මම කැමතී ලංකාව වටේ දවස් 10ක් ගිහිල්ල video එකක් කරන්න.”

8) අවසානයේ Knukles හෝ වෙනත් තැන්වල සංචාරය කරන අයට ලහිරු දෙන පණිවිඩය කුමක් ද?
“ඉතින් ලංකාවෙ සමහර අයගෙ පුරුද්දක් තියෙනවා යන යන තැන් වල අරන් යන දේවල් අමතක කරල හරි හිතලම හරි  දාල එන  එක. මේ  දාලා එන්නෙ  ගොඩක් වටින දේවල් නෙමේ චුට්ටක්වත් වටින්නේ නැති දේවල් . බිස්කට්කොළ,  ටොපි කොල ,  බීම බෝතල් වගේ දේවල් .ඉතින් මේවා මේ අයට  චුට්ටක්වත් වටින් නැති වුණාට මේවා ආපහු ඇරගෙන එක පරිසරයට මිල කරන්න බැරි තරම් වටිනවා .මොකද මේ ලංකාවෙ තියෙන වගේ පරිසර පද්ධතියක් මේ ලෝකෙ කොහෙවත් නෑ ඉතින් අපි එක රැකගන්න ඕනේ . අන්තිමටම කියන්න තියෙන්නේ ලංකාවේ කට්ටිය මේ දේවල් රැක ගත්තොත් හැමෝටම මේ තැන්වල ඇවිදින්න ඉස්සරහටත් ඉඩ තියේවි .   මාව මේකට සම්බන්ධ කරගත්තට SL Traveller ට ගොඩාක් ස්තූතී.අනාගතයට සුභපැතුම්  මගෙන්. “

මෙලෙසින් අප හා ප්‍රතිචාර දැක්වූ ලහිරු ගුණරත්න සහෝදරයාගේ ඉදිරි වැඩ කටයුතු වලට ඔහුගේ චැනලයේ ඉදිරි වැඩ කටයුතුවලට අප සුබ පැතුවෙමු.


ඔබටද ලහිරු හා සම්බන්ධ වීමට හා ඔහුගේ වීඩියෝ බැලීමට අප ආරාධනා කරන්නෙමු.
වටෙන් පිටෙන් Youtube Channel එක Subscribe කරන්න මෙතනින්:
වටෙන් පිටෙන් Facebook Page එක Like කරන්න මෙතනින්:

By ishara

Leave a Reply

Your email address will not be published.