SL Traveler වෙබ් අඩවිය මගින් ඔබ වෙත රැගෙන එන නවතම විශේෂාංගය වන්නේ Talk With Traveler වැඩසටහනයි. එහි දෙවන අදියර සදහා අප සමග සම්බන්ධ වූයේ Travel With අපි සෙට් එක Facebook Page එක, හා Travel with API SET EKA – Youtube Channel එක හරහා අපට හමුවන සොදුරු සංචාරක කණ්ඩායමයි.

ඔවුන්ගේ ෆේස්බුක් පිටුව හරහා මුලින්ම දැන හදුනගත් අප ඔවුන්ගේ යූටියුබ් චැනලයේ වීඩියෝ ද ඉමහත් කැමැත්තෙන් නැරඹුවෙමු. මේ නිසාම අපගේ කණ්ඩායමට මෙම සංචාරක කණ්ඩායමේ මධුක ප්‍රනාන්දු මහතා හදුනාගැනීමට හැකිවිය. ඔහු අපගේ මෙම වැඩසටහන පිලිබද සතුටු වූ අතරම එයට දායක වීමටද නොපැකිලිව කැමත්ත පළ කරන ලදී.

පහතින් දැක්වෙන්නේ අප හා Travel With Api Set Eka කණ්ඩායම අතර ඇතිවූ සුහද කතා බහයි. එමගින් ඔබටද බොහෝ දේ ඔවුන් පිළිබඳව දැනගත හැකිවෙතයි අපි විශ්වාස කරමු.

Travel with Api Set eka නිර්මාණය වුනේ කෙසේද? අදහස කාගෙද සහ ඔයාලගෙ ආරම්භය ගැන අපිට පොඩ්ඩක් කීවොත්…?

“මේ travel ගෘප් එක ආරම්භ වෙන්නේ 2015 එකම ආයතනයක සේවය කරද්දී හමුවුන යාලුවෝ 05 ගෙන්. අපි පස්දෙනාටම තිබ්බ එක උණක් තමා traveling කරන එක. කොහොම නමුත් අවුරුද්දක් , දෙකක් වෙද්දී අපි ආයතනයෙන් යාලුවෝ තුන්දෙනෙක් අයින් වෙලා යනවා. ඊට පස්සේ පොඩ්ඩක් විතර කට්ටිය ඈත් වෙනවා . හැබැයි 2019 වෙනකන් අපි එක එක තැන් වල travel කරනවා නමුත් සමාජජාල , යුටිබ් , වල වගේ එවල අපේම කියලා පේජ් එකක් තිබ්බේ නෑ. අපි අපේම එවල පොටෝ දදා හිටියා විතරයි. හැබැයි අපේම කියලා පේජ් එකක්, යුටුබ් එකක් පටන් ගමු කියන අදහස එන්නේ S.A. චතුරංග ට තමා. ඒ අනුව 2021-03-18 තමා අපේ මේ TRAVEL WITH අපි සෙට් එක නමින් එලියට එන්නේ.”

කණ්ඩායමේ සාමාජිකයන් හා ඔවුන් ගැන පොඩි විස්තරයක් කීවොත්??

“10 දෙනක් සිටිනවා.

. මම – මධුක ප්‍රනාන්දු – පේජ් එකේ ලියන,කරන එක තමා මගේ රාජකාරිය වෙන්නේ – දැනට මම පෞද්ගලික ආයතනයක සේවය කරනවා වගේම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් විදිහටත් වැඩ කරනවා.

.S.A.චතුරංග – මෙයා තමා අපේ ලීඩර්, ෆොටෝග්‍රප,එඩිටර්, MAIN ක්රැක්ටර් එක. පෞද්ගලික ආයතනයක සේවය කරනවා.

. චරිත් වන්නිආරච්චි – මෙයා තමා travel ලොකේෂන් සහා බජට් ඒ සම්බන්ද දේවල් බලන්නේ. පෞද්ගලික ආයතනයක සේවය කරනවා .

. ධනුෂ්ක විජේකෝන් – ගෘප් එකේ ලොකු අයියා . බජට් සම්බන්දව බලන්නේ. පෞද්ගලික ආයතනයක සේවය කරනවා.

. අසංක මහේෂ් , සුධාරක මනෝහර  , කසුන් විජේසුරිය , අජිත් මදුරංග , සුමාල් චයන්දුල් , කැලුම් මදුසංක , මේ හැමෝම traveling පිස්සෝ තමා . පෞද්ගලික ආයතනයක සේවය කරනවා.”

Travel කරන්න ඔයාලා සෙට් වෙන්නේ කොහොමද වෙලාව හොයාගන්නේ කොහොමද ?

“මේ ප්‍රශ්නෙට හොදම උදාහරණෙ තමා අපි සෙට් එකේ කට්ටිය ඉන්නේ විවිද ප්‍රදේශ වල, කිවොත් – කෑගල්ල,මාතලේ,ගම්පහ,කළුතර,අම්පාර වගේ ප්‍රදේශ වල TRAVELING උන නිසා දින,වෙලාවල් ප්‍රශ්න අඩුයි.

ගොඩක් වෙලාවට අපේ travel දාගන්නේ සති අන්තේ දවස් වල නිසා රාජකාරී වලට බලපෑමක් නෑ .”

අපිත් හරි කැමැත්තෙන් බලපු ඔයාලගෙ අම්පාර වීඩියෝව හා ඒ ගමන ගැන කීවොත් ?

“අපි ගියපු හොදම travel එක තමා මේ අම්පාර එක. මොකද ගොඩක් කට්ටිය යන්නේ නෑ, බලන්න දේවල් අඩුයි කියලා සහ දුර කියලා, හැබැයි ලංකාවේ ලස්සනම මුහුදු වෙරලක්, වන උද්‍යාන,ඉපැරණි නටබුන් ස්ථාන,ජලාශ, ආදී සියලු සතුන් බල ගන්න පුළුවන් එකම තැන තමා මම දන්නා විදිහට අම්පාර දිස්ත්රික්කය කියන්නේ. යනවනම් සතියක් ගියත් බලලා ඉවර කරන්න බෑ. මේ ගමන අපි ගියේ කෝච්චියේ මඩකලපුවට ගිහින් එතනින් බස් එකේ පානමට. අපි නවාතැන් ගත්තේ ලාහුගල වනජීවී බංගලෝ එකේ.එක විශේෂයි මොකද එකෙක්දී කිබුල් විලක් බලාගන්න පුලුවන් . මේ ට්‍රිප් එකට අපිට දනුෂ්ක අයියාගේ යාලුවෙක් හිටියා පානම එයා අපිට ගොඩක් උදවු කරා, මේ වෙලාවේ එයාට අපේ ස්තුතිය පල කරනවා.”

ඔවුන්ගේ මෙම සංචාරයට අදාල වීඩියෝව බලන්න පහලින්;

ඉදල්ගහින්න හා ඔහිය සංචාරය ගැනත් අපි විස්තර දැන ගන්න කැමති?

“අපිට ඒ දවස් වල ඉදලම ලොකු ආසාවක් තිබ්බා කොච්චි පාර දිගේ හයික් එකක් කරන්න. එකට ලස්සනම හයික් එක තිබ්බේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට ඔහිය දුම්රිය ස්ථානය දක්වා, මොකද කිවුවොත් ඒ දුම්රිය ස්ථාන දෙක අතර දුර කිලෝමීටර් 7 ක් වගේ දුර ඇතුලේ තිබෙන උමං 14 නිසා, සහ කවුරුත් යන්න හැදුවට අවසර නැතුව යන්න බැරි නිසා. ඒ වගේම මීදුමෙන් වැහෙන පුංචි ටවුම ඔහිය, ඒ වහෙම හෝර්ටන්තැන්න . ඉදල්ගස්හින්න . මේ තැන් ගැන විස්තර කරාට ඒ හැගීමනම් ගන්න යන්න ඕනි ඒ තැන් වලටම, මොකද ඇස් දෙකෙන් පේන දේ විස්තර කරන්න බෑ විදිනවා ඇරෙන්න . ඔහිය පාරදිගේ ඇවිදන් යද්දී එක පාරටම මීදුමෙන් වැහිලා යන ඒ සුන්දර දර්ශනේනම් විදින්නම ඕනි.”

මෙම සංචාරයේ වීඩියෝවත් ඔබට පහලින් නැරඹිය හැකිය;

ඔයාලගෙ facebook page එක හා එහි පලවෙන දේ ගැන පොඩ්ඩක් අපේ අනෙක් travelers ලා දැනුවත් කලොත්… ?

“පේස්බුක් පේජ් එක ගැන කිවුවොත් ලංකාවේ TRAVELING පේජ් ගොඩක් තිබුනත් වැඩි හරියක් තියෙන්නේ පොටෝ විතරයි .මට ඕනි උනා ඊට වඩා වෙනස් දෙයක් කරන්න වගේම traveling නොකරන අයට පොටෝ බලනවට අමතරව ඒ ස්ථාන පිලිබදව විස්තරයක් එකතු කරලා ඒ තැන් වල සංචාරය කරවන්න. මොකද යුටුබ් වීඩියෝ නොබලන අය පේස්බුක් පේජ් වල ඉන්නවා වගේම ඒවා බලනවා. උදා- අරිසිමලෙයි වෙරල ගැන දාපු පොස්ට් එකට මේ වෙද්දී 60K වගේ රීච් තියෙනවා . සතුටින් කියන්න පුළුවන් ඒ දේ වෙලා තියෙනවා කියලා අපිට ලැබෙන ප්‍රතිචාර එක්ක. ”

Youtube Channel එක ගැන කීවොත් ? වීඩියෝ edit කරන්නෙ කවුද? ඒ වැඩේ වෙන්නෙ කොහොමද ?

“අපේ චැනල් එක වෙනුවෙන් අපි ලගදී තමා වීඩියෝ දන්න පටන් ගත්තේ මොකද අපිට ඒ වෙනුවෙන් වීඩියෝ පැත්ත පොඩ්ඩක් හොදට තියෙන්න ඕනි නිසා, මොකද අපි ගිය ගොඩක් travel වල පොටෝ මිසක් වීඩියෝ කරේ නැති නිසා. දැන් දැන් ඒ පැත්තට බර වෙලා වැඩ කරගෙන යනවා”

ඒ හැම දේම කරන්නේ වීඩියෝ,එඩිට් මේ සම්බන්දව හැම දේම බලන්නේ S.A.චතුරංග තමා. වීඩියෝ ලස්සන කරලා ගන්නේ.

ගියපු travel වලින් කැමතිම එක මොකක්ද? ඇයි ඒ?

“ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ  සිට ohiya දුම්රිය ස්ථානය දක්වා .

ඒ මොකද කිවුවොත් කිලෝමීටර් 07 ක් ඇතුලත දුම්රිය උමං 14 ක් තියෙන නිසාත් , යන්න අවසර නැති නිසාත් , නොදැන ගියොත් බයානක නිසාත්. අනතුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි, මොකද මේ දුර අතර තියෙන්නේ තනිකරම රක්ෂිතයක් නිසා සහ උමං එක ලග පිහිටා තිබෙන නිසාත් කෝච්චිය ලගට එනතුරුම ඇහෙන් නැති නිසා.”

ගියපු සංචාර වලදී ආපු ප්‍රශ්න හා අමතක නොවන සිදුවීම්?

“අපිට ප්‍රශ්නනම් උනේ සංචාරය කරද්දී වෙලාව මදි උන එක තමා.

සිදුවීමනම් ගොඩක් තියේ, ඒ අතරින් මරබිය දැනුණු එකක් තමා ඔහියේ රේල් පාරදිගේ එද්දී බිංගෙයක් අවසන් වෙනවත් එක්කම කෝච්චියක් ආපු එක. අපි කොච්චි එන වෙලාවල් දැනගෙන සහ දුම්රිය ස්තනපති තුමාගෙන් කරුණු දැනගෙන තමා අවේ. අපි පුරුදු වෙලා තියෙන්නේ කෝච්චියක් එද්දී ඇහෙන හෝන් එකේ සද්දෙටනේ . අපි ගියෙත් වෙලාවල් බල බල එත් ඒ වෙලාවට එනවා කිවුව කෝච්චිය තාම නෑ කියා කියා එද්දී බින්ගේ ඉවර වෙන්න තිබ්බේ මීටර් 10 ක් වගේ එකපාරටම සද්දයක් අවා පිටිපස්ස බලද්දී කෝච්චිය එනවා පේනවා ඒ ආඩි දෙක තුනෙන් එලියට පැන ගත්තේ අනු නවයෙන් දුවලා . ඒ උනාට ගොඩක් කට්ටිය දන්නේ නෑ බින්ගේ ඇතුලේ පොඩි කුටීර සදා තියෙනවා බින්ගේ ඇතුලෙදි කෝච්චියක් අවොත් ආරක්ෂා වෙන්න , ඒ උනාට කොච්චි සද්දෙට එක අමතක වෙලා කලබලේට දුවන්න හදනවා එලියට අන්න ඒ වෙලාවට තමා අනතුරු වෙන්නේ මොකද බින්ගේ ඇතුලේ දිය සීරාව සහ වවුල් බෙටි නිසා ලිස්සනවා. ඒ කලබලේ නිසා ලිස්සල තමා අනතුරු වෙන්නේ. එහෙම යනවනම් මේක හොදට මත තියාගන්න”

ඉස්සරහට කරන සංචාර හා වීඩියෝ ගැන විස්තරයක්?

“ලගදීම අපේ සංචාර කිහිපයක්ම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා . ( නිල්ලඹ-ගලහා / ත්රිකුණාමලය ) තැන් වල .

ඒ අතර අපි කරන්න බලාපොරොත්තු වෙනවා වෙනස් දෙයක වැඩක් ඒ තමා ලංකාවේ පුරාවිද්‍යා ස්ථානයක් වන ලෙන් විහාරයක වැඩසටහනක් මේ විහාර බුමියේ ලෙන් 99 ක් තිබෙනවාලු අපේ ඊලග වීඩියෝ එක තමා ඒ…..

. අපි තවත් අලුත් වැඩකට අත ගහලා තියෙනවා ලංකාවේ පළමු TRAWELIN සින්දුවක් කරන වැඩේට, දැනට සින්දුව රචනා කරලා ඉවරයි. සංගීතය සම්බන්ද වැඩකටයුතු කෙරෙමින් පවතිනවා . ඒ සම්බන්දයෙන් s.a. චතුරංග වැඩකටයුතු කරගෙන යනවා, ලගදීම අහන්න පුළුවන් වෙයි ,අපේ අලුත් දේ,”

ඔයාල්ගෙ fans ලට හා ලංකාවෙ අනෙක් සංචාරයන්ට travel with api set එක ලබාදෙන පණිවිඩය කුමක්ද?

“අපි කියන්නේ ලංකාව කියන්නේ සංචාරය කරලා ඉවර කරන්න බැරි තරම් ලස්සන තැන් තියෙන රටක් . ඒ වගේම ඒ තැන් අපි පෙන්වා දෙනවා වගේම යන ඔයාලා අනාගතයේ අයටත් ඒ තැන් බලන්න ආරක්ෂා කර ගන්නා අතරම රැගෙන යන සියලු දේවල් නැවත රැගෙන එන ලෙසත් ඉල්ලා සිටිමි.

තවත් ඒ වගේ ලස්සන තැන් බලන්න,දැනගන්න,කියවන්න, අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාදනා කරනවා.

( මතක තියා ගන්න travel කරනවා කියන්නෙයි trip යනවා කියන්නෙයි දෙකක් )”

මෙලෙසින් අප හා අදහස් දැක්වූ මධුක මහතාට හා ඔහුගේ Travel With Api Set Eka එක කණ්ඩායමේ ඉදිරි සංචාරක හා අනෙකුත් වැඩ කටයුතු වලට සුබ පැතීමටද අප අමතක නොකලෙමු. ඔබටද පහතින් Facebook, Youtube හරහා පහසුවෙන් ඔවුන් සමග සම්බන්ධ වී ඔවුන්ගේ අලුත් updates දැන ගත හැකිය.

Travel With අපි සෙට් එක Facebook පිටුව Like කරන්න මෙතනින්

Travel with API SET EKA කණ්ඩායමේ Youtube Channel එකට යන්න මෙතනින්

By ishara

Leave a Reply

Your email address will not be published.