ආරුගම්බේ යනු කොළඹ සිට කිලෝමීටර 320ක් දුරින් හා පොතුවිල් නගරයට කිලෝමීටර් 4ක් දකුණු දිගින් පිහිටලා තිබෙන සුන්දර වෙරළ තීරයක් විදියට හදුන්වන්න පුලුවන්. නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා බහුලවම වෙසෙන ප්‍රදේශයක පිහිටලා තිබෙන මේ වෙරළ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් අතර බෝම ජනප්‍රිය එකක්. ලෝකයේ රළ ක්‍රීඩා එහෙමත් නැතිනම් Surfing වලට ඉතාම සුදුසු වෙරළ තීරයන් 10 අතර මේ ආරුගම්බේ වෙරළ තීරයත් අඩංගු වෙනවා.
Surfing වලට ඇති ජනප්‍රියතාවය නිසාම යුරෝපීයයන් ඇතුලු විශාල විදේශීය සංචාරකයින් පිරිසක් මේ ආරුගම්බේ වෙරළට ඇදී එනවා. මේ නිසාම මේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ඉතාම දියුණුයි. විදේශීය සංචාරකයින්ට වගේම දේශීය සංචාරක ඔබටත් මේ ආරුගම්බේ කියන්නේ ඔබේ නිවාඩුවේ වින්දනය උපරිම කරගන්න යා හැකි කදිම තෝතැන්නක්. පිහිනීම ඇතුලු අනෙකුත් ජල ක්‍රීඩා කරමින් විනෝද වන්න මෙහි ඇති නොගැඹුරු මුහුද ඉතාම ගැලපෙනවා. මෙම වෙරළ තීරයට යාමට ඇති හොදම කාලය වන්නේ සවස් කාලයයි. ඊට හේතුව වන්නේ හිරු බැසයන විට වෙරළේ ඇති අමුතුම චමත්කාරය අත්විදිය හැකි නිසා හා අධික උණුසුම කෙමෙන් කෙමෙන් අඩුවන නිසාවෙනි. මේ නිසාම රාත්‍රී කාලයේදීත් මේ වෙරළ අතිශය කාර්‍ය බහුලය.
වෙරළ අවට ඇති අවන්හල්ද මේ වෙරළට එකතු කරන්නේ අමුතුම චමත්කාරයකි. ඔබට මේ වෙරළේ රාත්‍රිය ගත කිරීමට අවශ්‍යනම් ඒ සදහා නවාතැන් ගත හැකි ස්ථානද කීපයක්ම ඇත. රාත්‍රී කාලයේ ගිනිමැලයක් ගසාගෙන සිංදු කියමින් විනෝද වීමටද ආරුගම්බේ වෙරළ සුපිරි ස්ථානයකි. මේ ප්‍රදේශයේ විශාල ජනතාවක් සැරිසරණ නිසාම සොරුන්ද බහුලය. ඒ නිසා මේ වෙරළට යන ඔබ ඔබේ බඩු බාහිරාදිය පරිස්සම් කර තබා ගැනීමට අමතක නොකරන්න.
Surfing වලට බහුලවම විදෙස් සංචාරකයින් මේ වෙරළ තීරයට පැමිණෙන්නේ මැයි – අගෝස්තු කාල පරාසයේය. දිය යට ඡායාරූපකරණය සදහාද ආරුගම්බේ වෙරළ අවට මුහුද ඉතාමත් සුපිරි. මුහුදු මහා විහාරය, මගුල් මහා විහාරය හා කුමන ජාතික වනෝද්‍යානය යන ස්ථානද පිහිටා තිබෙන්නේ මේ සුන්දර ආරුගම් බොක්ක අවට ප්‍රදේශයේය. ඒ නිසා ඔබේ ආරුගම්බේ සවාරිය තුලින්ම ඒ ස්ථානවල සංචාරය කරන්නත් ඔබට පුලුවන්. මෙහිදී ඔබට අත්විදිය හැකි තවත් සුන්දර අත්දැකීම් වන්නේ පොතුවිල් කලපුවේ බෝට්ටු සවාරිය හා එලිෆන්ට් රොක් කදුවැටිය තරණය කිරීමයි. ඒ සදහා සංචාරක මග පෙන්වන්නෙකුගේ සහය ලබාගැනීමට ඔබට පුලුවන.
එසේනම් නිවාඩුව හා විවේක කාලය වින්දනයෙන් ගත කිරීමට Beach සොයන ඔබට ආරුගම්බේ වෙරළ යනු ඉතාමත් ගැලපෙන ස්ථානයකි. ඒ නිසා මේ වෙරළේ අසිරිය විදීමට ඔබත් පැමිණීමට අමතක නොකරන්න.
(Arugambay Photo Credit: Surf Camp Arugam Bay)