ඩෙවොන් ඇල්ල යනු ලංකාවේ උසම දිය ඇලි ලැයිස්තුවේ 19 වන ස්ථානය ගන්නා ඉතාමත් සුන්දර දිය ඇල්ලකි. නුවරඑළිය හැටන් මාර්ගයේ පිහිටි මේ දිය ඇල්ල ලංකාවේ පමණක් නොව ලෝකයේද සංචාරකයින් අතර ප්‍රසිද්ධය.

උසින් මීටර 97ක් වන ඩෙවොන් ඇල්ල පිහිටා ඇත්තේ ඩෙවොන් තේ වතු යායේය. මේ නිසාම මේ දිය ඇල්ලට ‘ඩෙවොන්’ යන නම කියැවෙන බව මූලාශ්‍ර සදහන් කරයි. දිය ඇල්ල නැරඹීමට මාර්ගයේ වෙනම ඉදිකර ඇති පීඨිකාවකි. එම පීඨිකාවේදී ඔබට වාහන නවතා තබා දිය ඇල්ලේ සුන්දරත්වය නැරඹීමට හැකිය. මෙම ස්ථානයේ සංචාරක වෙළදුන්ද කීප දෙනෙක්ද අපට මුන ගැසුණි. මෙම වේදිකාවට ඉහලින් පාරේ අනෙක් පස Mlesna තේ අවන්හල පිහිටා ඇති අතර එහිදී රසවත් තේ කෝප්පයක අසිරිය විදගැනීමටද ඔබට අවකාශ හිමිවේ.

දිය ඇල්ලෙන් කඩා හැලෙන ජල කද සුදුවන් සේද පටලයක් සේ පහතට වැටෙන ආකාරය ඉතාමත් ආකර්ශනීයය. එම දර්ශනය දෙස කොපමණ බලා සිටියත් එපා නොවේ. ඩෙවොන් ඇල්ල නිර්මාණය කරන්නේ කොත්මලේ ඔයට සම්බන්ධ වන අතුගංගාවක් විසිනි. දිය ඇල්ල අසලට ලගා වීම අපහසු වන අතර එහි සුන්දරත්වය නැරඹීමට සුදුසුම ස්ථානය වන්නේ අප පෙර කී පීඨිකාවයි.

මේ සුන්දර ඩෙවොන් ඇල්ලට කිලෝමීටර කීපයක් තලවකැලේ දෙසට යන විට සුන්දර ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලද ඔබට දැකගත හැකිය. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය නිසා ඩෙවොන් ඇල්ලේ කඩා හැලෙන ජල කද වෙනස් වන බව අපට ආරංචි විය. කෙසේවූවද අප මෙම ඇල්ල නැරඹීමට යන මොහොතේ නම් විශාල ජල කදක් දිය ඇල්ලේ විය.

එසේනම් හැටන් නුවරඑළිය මාර්ගයේ ගමන් කරන ඔබ නොවරදීම දිඹුල ප්‍රදේශයේ වන මේ සුන්දර දිය ඇල්ල නරඹා එහි අසිරිය විදගෙන යන්න අමතක නොකරන්න. මේ අසලම ඇති තවත් දිය ඇල්ලක් වන්නේ ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලයි.

(Devon Falls Image Source: Travel Diaries Sri Lanka )

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *