ඩන්සිනන් ඇල්ල යනු මහනුවර නුවරඑලිය මාර්ගයේ ඇති අතිශය සුන්දර දිය ඇල්ලකි. මෙය පූඩලුඔය ඇල්ල ලෙසද හැදින්වේ. මේ දිය ඇල්ල පිහිටලා තියෙන්නේ රම්බොඩ ප්‍රදේශයේ. ප්‍රධාන මාර්ගය වැටී තියෙන්නෙත් මේ දිය ඇල්ල මැදින් නිසා වැඩි අපහසුවකින් තොරව ඔයාලට දිය ඇල්ල බලන්න පුලුවන්.
ගම්පොල හරහා යන නුවරඑළියේ පාරේ අරුනාම මේ දිය ඇල්ලට එන්න පුලුවන් තවත් පාරක් වන්නේ හැටන් නුවරඑළිය පාරේ තලවකැලේ නගරයෙන් පූඩලුඔයට ඇවිත් දිය ඇල්ල වෙත ලගාවෙන මාර්ගයයි. පූඩලුඔය නගරයේ ඉදන් දිය ඇල්ලට තියෙන්නේ හරියටම කිලෝමීටර 3ක් වගේ දුරක්.
කොටස් දෙකකට කඩා වැටෙන මේ දිය ඇල්ල පෝෂණය වෙන්නේ ග්‍රේට්වෙස්ටර්න් කදුවැටියෙන් ආරම්භ වන ඩන්සිනන් ඔයෙන්. දිය ඇල්ල මැදින් පාර වැටිලා තියෙන නිසා පාරේ ඉදන්ම දිය ඇල්ලේ ලස්සන බලන්න ඔයාලට පුලුවන්. නමුත් දිය ඇල්ලේ නියම ලස්සන බලන්න නම් ඇල්ල පහුකරලා ටිකක් ඈතට යන්න ඕනෙ. මොකද එතකොට තමා ඇල්ලේ කොටස් දෙකම නියම ආකාරයෙන් ඔයාලට බලාගන්න පුලුවන්නෙ. දිය ඇල්ල අසලම කුඩා කෝවිලකුත් පිහිටලා තියෙනවා.
ඉතින් මේ පූඩලුඔය ඇල්ල ඇත්තටම ආගමික ස්ථානයක්. ඒ නිසා මෙතනට එන ඔයාල මේ දිය ඇල්ලට හානිවෙන දේවල් කිසිම දෙයක් මෙතනදි කරන්න එපා. මතක සටහන් විතරක් අරන් යන්න කියලා ඔයාලා ඔක්කොගෙන්ම ඉල්ල සිටිනවා.
නුවරඑලියේ ගියපු ඔයාලා ගොඩක් අය මේ ඇල්ල මේ වෙනකොටත් දැකලා ඇති. ඒත් එහි නියම ලස්සන දකින්න නැතිවත් ඇති. එහෙනම් ආයෙ රම්බොඩ හරහා නුවරඑළියේ යනකොට සුන්දර ඩන්සිනන් ඇල්ල සුන්දරත්වයත් බලාගෙනම යන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.
(දිය ඇල්ලේ ඡායාරූපය අයිතිය: janith k nawarathna )