SL Traveler අපි අපේ තුන්වන චාරිකාව සදහා තෝරා ගත්තේ හුන්නස් ඇල්ලයි. ඉතින් මේ දිය ඇල්ල ගැන අපි කලින් ලිපියකින් ඔයාලට විස්තර ගෙනාවා ඔයාලට මතක ඇති. මේ ගමන සිදුවුනේ ජනවාරි මාසෙ පලවෙනි ඉරිදා දවසේ.

අපි අපේ ගමන පටන් ගත්තේ මැණික්හින්න නගරයේ ඉදන්. අපි ගියේ මෝටර් රථයකින්. ගමනට එකතු වුනේ SL Traveler ටීම් එකේ හතර දෙනා විතරයි. මැණික්හින්න නගරයෙන් අපි අපේ මෝටර් රථයට රුපියල් 500ක තෙල් ගසා ගමන පටන් ගන්නා ලදි. ගමන පටන් ගන්නකොට උදේ 8.30 වගේ වුනා. අපි මුලින්ම ආවේ මඩවල නගරයට. එතනින් මාතලේ පාරේ කිලෝමීටර 3ක් ගියාට පස්සේ අපි වත්තේගමට ලගා වුනා. ඊට පස්සේ ඇල්කඩුව පාරට පිවිසුනු අපි කදු සහිත මාර්ගයක කිලෝමීටර 10ක් විතර ගමන් කලා. පාරේ දිගටම හුන්නස් ඇල්ලට යන පාර සදහන් නාමපුවරු තිබුණු නිසා පාර හොයාගන්න අමාරු වුනේ නෑ.

ඇල්කඩුව පාරේ දිගටම යනකොට මංසංදියකින් දකුණට හැරිලා කන්ද උඩට යන්න ඕනේ දිය ඇල්ලට යන්න. හැම තැනම නාම පුවරු තියෙනවා. ඒක නිසා අවුලක් වුනේ නෑ. දිය ඇල්ල තියෙන්නේ හුන්නස්ගිරිය වතු යාය මැද. අවට පරිසරයේ කුලුබඩු ශාක ගොඩක් දකින්න පුලුවන් වුනා. ඒ වගේම වත්තේගම ඉදන් කන්ද උඩට යද්දි එන්න එන්න සීතලත් වැඩි වුනා. ඇල්කඩුව නගරයට යන්න ඕනෙ නෑ වැඩේට. අපිට ඇල්කඩුවට යන්න පුලුවන් වුනානම් සෙම්බුවත්තටත් ගිහින් එන්න තිබුනා. නමුත් වෙලාව හා මුදල් අපි ගාව තිබුනේ නෑ. මොකද සෙම්බුවත්තට යන්න රුපියල් 200ක ටිකට් ගන්නත් එපැයි.

කෝමහරි උදේ 9 විතර වෙනකොට අපි දිය ඇල්ලට පිවිසෙන තැනට පැමිණියෙමු. වාහන නවතා තබන්න වෙනම තැනක් තියෙනවා. එතන අපි අපේ වාහනය නවතා රුපියල් 100ක ටිකට් පතක් රැගෙන ඇල්ල බලන්නට ගියෙමු. මීටර් 100ක් පමණ ගමනකින් අපි දිය ඇල්ල ලගටම ආවෙමු. ඇල්ල ඇත්තටම සුන්දරය. පැති දෙකකින් දිය ඇල්ල කඩා හැලෙයි. එතැන ඇල්ල බැලීමට සැකසූ වේදිකාවක්ද වේ. අප දිය ඇල්ල අසල ඡායාරූප ගනිමින් විනාඩි 30ක් පමණ ගත කලෙමු.

අපගේ මේ සුන්දර චාරිකාවේ අමුතුම දසුන් එකතු කර සෑදූ වීඩීයෝවත් බලන්න පහලින් යාලුවනේ:

ඇල්ල පහල සමර් හට් වල පැය බාගයක් පමණ හිදිමින් දිය ඇල්ලේ අසිරිය වෙනස් වෙනස් ආකාරවලට අප ඡායාරූප ගත කලෙමු. එතැනින් පිටත් වූයේ ඇල්ලට ඉහලින් වන වැව බැලීමට යාමේ අපේක්ෂාවෙනි. නමුත් එය පෞද්ගලික හෝටලයකට අයිති එකක් බව දැන ගත් පසු අප ඇල්ලෙන් නික්මී නිවෙස් බලා පැමිනුනෙමු. මෙය අප ඉතාම වේගවත්වම කල සංචාරය වන අතර උදෑසන 10.30 වන විට නැවත නිවෙස් කරා පැමිණුනෙමු. සම්පූර්ණ චාරිකාව සදහා ගත වූයේ පැය දෙකක කාලයක් පමණි. එක් අයෙකුගෙන් රුපියල් 200ක වියදමක් වැය වී තිබුණි.

අපේ SL Traveler Youtube Channel එකත් Subscribe කරන්න අමතක කරන්න එපා යාලුවනේ…..!

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *