ලංකාවේ කදු නගින්නන් අතර ඉතා මෑතකදී ජනප්‍රිය වූ කදු වැටියක් ලෙස කබරගල කදු තරණය හැදින්විය හැකිය. මෙම කදු වැටිය පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය නගරය ආශ්‍රිතවය. දොලොස්බාගේ කදු පන්තියේ උසම ශිඛරය වන කබරගල උසින් මීටර 1506ක් පමණ වේ. ඔබ කෙදිනක හෝ නාවලපිටිය නගරයට පැමිණ ඇතිනම් මේ කදු ශිඛරය නොදැක සිටීමට හේතුවක් නැත. කෙසේවූවද කදු නගින්නන් ඔවුන්ගේ සමාජ ජාලවලට බෙදාගන්නා මෙම කදු තරණය පිළිබඳ විස්තර අනුව කිව හැක්කේ මෙය ඔවුන්ට අමුතුම අත්දැකීමක් ලබා දෙන කදිම පාරාදීසයක් බවයි.
ඔබ මෙම කදුමුදුන තරණයට පැමිණෙන්නේ නම් පළමුව නාවලපිටිය නගරයට පැමිණිය යුතුය. මහනුවර සිට පැමිනෙන අයවලුන්ට එහි සිට නාවලපිටියට පැමිණිය හැකි බස් ඇති තරම්ය. තවද මහනුවර සිට නාවලපිටියට කෝච්චියේද ගමන් කළ හැකිය. කොළඹ සිට පැමිණෙන සංචාරකයන්ට,කෝච්චියේ කෙලින්ම බදුලු කෝච්චියේ නාවලපිටියට පැමිණිය හැකිය. කොළඹ සිට බසයේ පැමිණෙන්නේ නම් ඔබට ලගාවිය හැකි පහසුම මග වන්නේ කොලඹ – හැටන් බස් රථයක පැමිණ ගිනිගත්හේනෙන් බැස එතැන් සිට නාවලපිටියට පැමිණීමයි.
නාවලපිටිය ගිනිගත්හේන මාර්ගයේ හෝ නාවලපිටිය දොලොස්බාගේ මාර්ගයේ යන දෙකේම ගමන් කිරීමෙන් කබරගල වෙත යන පිවිසුම් සොයාගත හැකිය. නාවලපිටිය දොලොස්බාගේ බස් රථයක කබරගල නගින හන්දිය ඇසීමෙන් කන්ද වෙත පිවිසෙන ස්ථානයෙන් බැස ගැනීමට ඔබට හැකිවනවා ඇත. එතැන් සිට තේ වතු හා ෆයිනස් කැලෑව පසුකරගෙන කන්ද වෙත ගමන් කළ යුතුය. හැකිනම් ගමේ කාගෙන් හෝ අසාගෙන මාර්ගය අසා ගැනීම ඔබව පහසු කරනවා ඇත.
කූඩැල්ලන් බහුලව ඇති අතර ඒවාට පිළියම් ඔබ සොයාගෙන පැමිණිය යුතුය. කන්ද මුදුනට ගියවිට දැනෙන අසිරිය කිව නොහැක්කකි. නිතර මීදුමෙන් වැසී යන මේ කබරගල මුදුනට ගියවිට කොත්මලේ ජලාශය, මොණරකන්ද හා පුස්සැල්ලාව ප්‍රදේශ, අම්බුලුවාව ආශ්රිත ප්‍රදේශ හා ශ්‍රී පාදය දක්වා දිවෙන මධ්‍යම කදුකරයේ නිරිත දිග ප්‍රදේශත් ඉතා මනරම්ව දැකගත හැකිය.
උදේම ගමන ඇරඹුවොත් නිසැකවම සවස් වන විට නැවත වරක් ඔබට කදු පාමුලට පැමිණිය හැකි වන අතර මෙහි අවට කදුකරයේ කාලගුණය ක්ෂණික වෙනස් වන බවද මතක තබා ගන්න. පොලිතීන් ප්ලාස්ටික් වලින් මේ සුන්දර කදු වැටියත් විනාශ නොකරන ලෙස ඉල්ලා සිටින අතර පා සටහන් හා ඡායාරූප හැරුණුවිට ඔබ රැගෙන යන සියල්ල නැවත රැගෙන ඒමටද අමතක නොකරන්න. Google Maps ඔබට කදුවැටිය සොයා ගැනීමට මහගු රුකුලක් වනවා නොඅනුමාන වන බවද මතක තබා ගන්න.
.
.
(Cover Image Credit: Chamudika De Silva )