මානිගල යනු මෑත කාලයේ ලංකාවේ බොහෝ සංචාරකයන් අතර ජනප්‍රිය වූ සංචාරක ස්ථානයකි. මාතලේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන සොයන ඔබට මෙම මානිගල කන්ද යනු කදිම ස්ථානයකි. බොහෝ සංචාරකයින් මාතලේ ප්‍රදේශයට පැමිණෙන්නේ රිවර්ස්ටන් හා පිටවල පතන යන ස්ථාන වලටය. ඒ යන ගමනේදී මේ කදුවැටිය දර්ශනය වෙයි. නමුත් ඒ ගමනේදීම අද අප කතා කරන මේ කදු මුදුනටත් පැමිණ එහි අසිරිය හා සුන්දරත්වය විදගෙන යාමට හැකිය. උසින් මීටර 1104 ක් පමණ වන මේ කදු මුදුන නක්ල්ස් කදු වැටියේ එන කදු මුදුන් 33 අතර වඩාත් ප්‍රසිද්ධ ස්ථානයක් හිමිකර ගනී.
ඔබ මානිගල යෑමට අදහස් කරන්නේ නම් මාතලේ නගරයට මුලින්ම පැමිණිය යුතු අතර එතැන් සිට රත්තොට, රිවර්ස්ටන් හා පිටවල පතන පසුකර දකුණට ඇති මාර්ගයේ ගමන් කළ යුතුවේ. එම මාර්ගයේ ගමන් කර මහලකොටුව, තෙල්ගමු ඔය, රන්තින්ද හා ඇටන්වල ගම්මාන පසුකර ගියවිට මේ කදුවැටියට පිවිසෙන මාර්ගය ඇත. මාර්ගය පිළිබද ඔබට සැකයක් ඇතිනම් ඒ සදහා ප්‍රදේශවාසීන්ගේ සහය ලබා ගන්න. ඇටන්වල ගමේ සිට කිලෝමිටර 3ක පමණ දුරක් කන්ද වෙත ඇති අතර එය අතිශය දුෂ්කර හා පැය 2-3ක් පමණ ගතවන ගමනකි.
ඇටන්වල යනු මානිගල ගමනේ හමුවන අවසන් මිනිස් වාසය වන අතර එයින් පසුව කදු මුදුන දක්වා දිගටම ඇත්තේ කැලෑවයි. මේ ප්‍රදේශය වියළි කාලයට අලින් විසින් ආක්‍රමණය කරන අතර මේ නිසාම සමහර ගම්මාන වැසී ඇති බව කියැවේ. කන්ද මුදුනේ භූමිය අක්කර 10 ක් පමණ විශාල තෘණ වලින් වැසී ඇත. කන්ද මුදුනේ කුරු ශාකද බහුලව ඇත. කන්ද මුදුනේ සිට බලන විට ගොම්බානිය, කිරිගල්පොත්ත කදු මුදුන්, දඹුලු හා සීගිරි ප්‍රදේශ, ලකේගල, තුන්හිස්ගල හා පහළ ගම්මානවල අසිරියද මනරම්ව දැකිය හැකිය. එසේම රාත්‍රී කදවුරු බැදීමටද මෙය කදිම තෝතැන්නකි. නමුත් මෙහි වියළි කාලවලට ඔබ Camping කිරීමට ගින්දැල් දැල්වීමේදී ප්‍රවේශම් වන්න. මන්ද ඔබේ එක් වැරැද්දක් මුලු කන්දම දවාලන්නට සමත් විය හැකි බැවිනි. එබැවින් වඩාත් ප්‍රවේශම් වන්න.
මෙම කන්ද අවට විසූ දෙමළ කම්කරුවන් කන්දේ සෙවනැල්ල අනුව කාලය නිර්ණය කර ඇත. ‘මනි’ යන දෙමළ වචනය පාදක කොටගෙන මෙය මානිගල නමින් හැදින්වූවා යැයි මූලශ්‍ර සදහන් කරයි. කෙසේවූවද අද වනවිට මෙම සුන්දර කදුවැටිය හා අනෙකුත් නක්ල්ස් කදු මුදුනුත් සංචාර්කයන්ගේ නොහොබිනා හැසිරීම් නිසා විනාශයට පත්වන ලකුණු පහළ කර ඇත. සංචාරකයින් පොලිතීන් හා ප්ලාස්ටික් දමා මේ කදු මුදුන් ප්‍රදේශය විනාශ කර ඇත. දිගින් දිගටම මෙලෙස වුවහොත් ඉදිරියේදී මානිගල හා අනෙක් නක්ල්ස් කදුත් තහනම් කලාප වීමට බොහෝ ඉඩකඩ ඇත. ඒ නිසා මෙම කන්දට යන ඔබ එහි අසිරිය හා අත්දැකීම් විදගෙන පරිසරයට හානියක් නොකර ගෙන යන සියල්ල නැවත රැගෙන එන්න.
(Photo Credit: Sajith Madusankha Senarathne )