රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි තවත් අපූරු හා ආකර්ෂණිය දිය ඇල්ලක් ලෙස මිනී ඇල්ල හැදින්විය හැකිය. මේ දිය ඇල්ල පිහිටලා තියෙන්නේ රත්නපුර අයගම නගරය ආසන්නයේ. Google Map වලින් Location එක පහසුවෙන් ඔයාලට හොයාගන්න පුලුවන්.

මේ දිය ඇල්ල මාතලේ සේර ඇල්ලට ගොඩක් සමානයි. ඔබ බස් රථයෙන් මේ දිය ඇල්ල බලන්න යනවානම් මුලින්ම රත්නපුර නගරයට ඇවිල්ලා අයගම නගරයට යන්න ඕනේ. ඉන් පසුව ඔබ අයගම සිට ගංගොඩකන්ද බස් රථයේ මද දුරක් ගියවිට ඇල්ලට යන මග හමුවේ. ඒ වගේම අයගම ඉදලා රුපියල් 250ක වගේ මුදලකින් ත්‍රීවීල් රථයකද ඔබට යා හැකිය.

මිනී ඇල්ල කියන්නේ කුඩා දිය ඇල්ලකි. නමුත් අතිශය සුන්දරය. ඇල්ලේ මුදුනටද ඔබට යා හැකි අතර එහිදී සැමවිටම ප්‍රවේශම් වීමට වග බලාගන්න. දිය ඇල්ල උසින් මීටර 12ක් පමණ වන බව මූලාශ්‍ර පෙන්වා දෙන අතර මෙහි පාමුල ඇති තටාකයේ ගැඹුර අඩි 15ක් පමණ වන බව සදහන් එසේම මෙය බිලි ගන්නා ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ අතර, එබැවින් කිසිමවිටෙක මෙම ස්ථානයේ දිය නෑමට සිතන්නවත් එපා. පැමිණ එහි සුන්දරත්වය පමණක් විදගෙන යන ලෙසට අප ආයාචනා කරන අතර ඔබ ගෙන එන පොලිතීන් ප්ලාස්ටික් හා අනෙකුත් දේවල් අනිවාර්‍යයෙන්ම මෙහි නොදමා රැගෙන යන ලෙසට අප බැගෑපත්ව ඉල්ලා සිටිමු.

(Cover Image Credit: Suranga Abey )

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *