ත්‍රීකුණාමලයේ සිට පුල්මුඩේ මාර්ගයේ කිලෝමීටර 18ක් පමණ ගමන් කළවිට හමුවන ඉතාමත් චමත්කාර වෙරළ තීරයක් වන්නේ නිලාවැලි වෙරළ තීරයයි. මෙහි ඇති නීලවර්ණ භාවයෙන් යුතු මුහුද එක් කරන්නේ අමුතුම ආකර්ශනීය භාවයකි. මෙකී නීලවර්ණ භාවය නිසාම නිලාවැලි යන නම මේ වෙරළට පටබැදෙන්නට ඇතැයි යන්න අපගේ හැගීමයි.
ලංකාවේ මෙන්ම ලෝකයේද සංචාරකයින් අතර අතිශය ජනප්‍රිය වෙරළ තීරයක් ලෙස මෙය හැදින්විය හැකිය. නිල්වන් මුහුදු තීරය සංචාරකයින් ඇද බැද තබා ගන්නා අතර වෙරළ ක්‍රීඩා කරමින් විනෝද වීමටද මෙම නිලාවැලි වෙරළ තීරය කදිම ස්ථානයකි. ලංකාවේ පිහිටා තිබෙන පටුම වෙරළ තීරයක් ලෙසද මෙය හැදින්විය හැකිය. මීටර ගානක් දිගට දිවෙන නොගැඹුරු මුහුද පිහිනමින් විනෝද වීමට ඉතාමත් කදිමය. මේ නිසාම කුඩා දරුවන්ටද නාමින් විනෝද වීමට නිලාවැලි යනු ආරක්ෂිත වෙරළ තීරයකි.
මෙම වෙරළ තීරය ආශ්‍රිතව පිහිටා තිබෙන අනෙක් සාංචාරකයින් ඇද බැද ගන්නා ස්ථානය වන්නේ පරෙවි දූපතයි. වෙරළේ සිට ඈතින් පෙනෙන දූපත එයයි. රක්ෂිතයක් වන මෙම දූපත් පරිසරය තුළ නොයෙකුත් සතුන් රැසක් ජීවත් වන නිසා එය ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළය. මෙම දූපතට ඔබට මුදල් ගෙවා බෝට්ටු සවාරියක්ද යා හැකි අතර එහිදී ඔබට තල්මසුන් මෙන්ම නොයෙකුත් මත්ස්‍යයින්ද රැසක් දැක ගත හැකි වනවා නොඅනුමානය. පරෙවි දූපත පිහිටා ඇත්තේ වෙරළේ සිට කිලෝමීටර 5ක් පමණ දුරකිනි.
ලංකාවේ සමහර වෙරළ තීරයන්වලට වඩා පහසුකම් අතින් ඉතා වැඩි වෙරළ තීරයක් ලෙස නිලාවැලි හැදින්විය හැකිය. ඔබට අවශ්‍ය නවාතැන් ඇතුලු අනෙකුත් දේවල් ලබාගත හැකි ස්ථාන රැසකි. ඔබ මෙම වෙරළ තීරයට පැමිණෙන්නේ නම් ඒ සදහා වඩාත් සුදුසුම කාලවකවානුව ලෙස අප්‍රේල් සිට ඔක්තෝබර් කාලය හැදින්විය හැකිය.
එසේනම් කොළඹින් පිට දුර ප්‍රදේශයක ඔබේ නිවාඩුව හා විවේකය ගත කිරීමට කැමති ඔබට මේ නිලාවැලි නම් සුපිරිම තැනකි.
නිලාවැලි සේම තවත් සුන්දර වෙරළ තීරයන් මෙසේය.
- රූමස්සල වෙරළ තීරය
- මාතර පොල්හේන වෙරළ තීරය
(Nilaveli Feature Image Credit: S N A P)