යටියන්තොට අමනාවල දොඹේගල ගමේ පිහිටි සුන්දර දිය ඇල්ලක් වන්නේ ඕලු ඇල්ලයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සිට කිලෝමීටර 16ක පමණ දුරකින් මෙම දිය ඇල්ල පිහිටා ඇත. සමහර මූලාශ්‍ර වලට අනුව මෙම දිය ඇල්ල උසින් මීටර 200ක් ලෙස සදහන් වන අතර, එය නිවැරදි නම් ඕලු ඇල්ල යනු ලංකාවේ පස්වන උසම දිය ඇල්ලයි. තවත් මූලාශ්‍රවලට අනුව දිය ඇල්ලේ උස මීටර 127කි. එය නිවැරදි නම් මේ දිය ඇල්ල ලංකාවේ 9 වන උසම දිය ඇල්ල වේ.
ඕලු ඇල්ල ලංකාවේ අනෙක් දිය ඇලිවලට සාපේක්ෂව වෙනස් වන්නේ එය නිර්මාණය වී ඇත්තේ කුඩා කුඩා දිය ඇලි කීපයක එකතුවෙන් වීමයි. එකිනෙකට ආසන්නයෙන් පිහිටි දිය ඇලි 4ක් ආකාරයට මේ ඇල්ල කඩා හැලෙන අතර එම දර්ශනය ඉතා මනරම්ය. මෙම කුඩා කුඩා දියඇලිවල ජල ප්‍රමාණ හා ඒවා කඩා හැලෙන වේගයන් එකිනෙකට වෙනස් වේ. දිය ඇල්ලට පැමිණෙන්නේ නම් ඔබ යටියන්තොට මල්ලපොල හරහා සිපෝන් වලට දිවෙන B462 මාර්ගයේ 16 කණුවට පැමිණිය යුතුය.
ඇල්ල නිර්මාණය වන්නේ කැළණි ගගට සම්බන්ධ වන වී ඔයේ අතු ගංගාවකිනි. එය අම්පාන රක්ෂිතයෙන් ආරම්භ වන බව මූලාශ්‍ර සදහන් කරයි. ඕලු ඇල්ල හරහා වැටී ඇති ලී පාලම නිසා ඇල්ල කොටස් 2කට වෙන්වන අතර එම පාලම සැලකෙන්නේ ලංකාවේ පැරණිතම ලී පාලමක් ලෙසය. මෙය යටත් විජිත යුගයේ ඉදිවූවක් ලෙස මූලාශ්‍ර පෙන්නුම් කරයි. වර්ෂා කාලයට මෙම පාලම උඩින් ජලය ගලා යනු ලබයි.
ඕලු ඇල්ල ඉහලටම ගමන් කිරීමටද හැකියාව පවතින අතර ඒ සදහා ඔබ අනිවාර්යයෙන්ම ගමේ කාගේ හෝ අවසරය ලබා ගන්න.ඇල්ලේ පහල මිනි හයිඩ්‍රෝ බලාගාරයක්ද වේ. එසේම ඇල්ලේ පහල කොටස බිලිගන්නා ස්ථානයක් ලෙස ප්‍රකට නිසා කෙසේවත් මෙම දිය ඇල්ල අසල දිය නෑම සිදුකරන්න නොකරන්න. ඔබට දිය නෑමට අවශ්‍යම නම් ඇල්ලට කිලෝමීටරයකට පමණ කලින් තිබෙන ඕලු ඇල්ල රෙස්ට් ඉන් හෝටලය පහල ඇති වී ඔයේ ආරක්ෂිතව දිය නෑම කිරීම කළ හැකිය.
එසේනම් හැමදාම අප ඔබට සදහන් කරන පරිදි පොලිතීන් ප්ලාස්ටික් දමා මේ සුන්දර ඕලු ඇල්ල ප්‍රදේශය විනාශ කිරීමට සිතන්නවත් එපා. පැමිණ එහි අසිරිය විදගෙන ඔබ ගෙන ආ දේවල් අනිවාර්‍යයෙන්ම රැගෙන යන්න. එසේම විනීතව හැසීරීමටද අමතක නොකරන්න.
(Olu ella Featured Image Credit: @trvelkitty )