නුවරඑළිය වූ කලී සුන්දර තේ වතුවලින් වටවූ මනරම් සංචාරක ස්ථානයකි. පුංචි එංගලන්තය ලෙසින් හැදින්වෙන මේ පුරවරය අතිශය සෞමය හා ශීත කාලගුණයකින් හෙබිය. මේ නිසාම නුවරඑළියට සංචාරකයින් ඇදී එන්නේ මෙහි ඇති අරුම පුදුම සුන්දරත්වය විදීමේ අටියෙනි.

එකී විවේකය තවත් අර්ථවත් කරගැනීමට නුවරඑළියේ යා හැකි තවත් සුන්දර ස්ථානයක් වන්නේ Pedro වතු යායයි. නුවරඑළිය සිට කදපොල මාර්ගයේ කිලෝමීටර 3ක් පමණ ගමන් කලවිට මෙම සුන්දර තේ වත්ත ඔබට හමුවේ. ලොව නන් දෙසින් මෙම වතුයාය වෙත විදේශිකයින් ඇදී එන්නේ මෙහි ඇති තේ වල ඇති රසය සොයාගෙනය.

Ceylon Tea යන ශ්‍රී ලාංකීය තේ සම්මානය තුළ Lovers Leap තේ සදහා ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. ජනවාරි සිට මාර්තු කාලය දක්වා නුවරඑළිය තේ සදහා දැවැන්ත ඉල්ලුමක් ඇති වන්නේ එකී කාලයට ඒවායේ ජනිතවන අමුතුම මින්ට් රසැති මිහිරියාව නිසාවෙනි. මේ නිසාම Pedro Estate හි නිර්මාණය වන Lovers Leap තේ ඉතා ඉහල මිලකට කොළඹ තේ වෙන්දේසියේ අලෙවි වීම සිදුවේ. අද වන විට මේ තේ වත්ත පාලනය වන්නේ කැළණිවැලි වැවිලි සමාගම මගිනි.

1885 දී සුදු ජාතිකයින් විසින් සුන්දර Pedro වතු යාය නිර්මාණය කිරීම සිදුකළ අතර තවමත් පැරණි තේ නිෂ්පාදන යන්ත්‍ර අදද Pedro තේ කම්හලේදී දැකිය හැකිවේ. එසේම Pedro Tea Factory එක නැරඹීමටද එහි යන ඔබට අවසර හිමිවේ. මෙම තේ වත්ත පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර 1700 -1900 ක් උසින් වන නිසා මේ අවටද පවතිනේ නුවරඑළියට අවේනික වූ දේශගුණයයි.

Lovers Leap Ethical Tea Boutique එක තුළට යන සංචාරකයින්ට සුන්දර තේ කෝප්පයක මිහිර විද ගැනීමට අවසර හිමිවන අතර එහි විවිධ තේ නිෂ්පාදන මිලදී ගැනීමටද හැකිවේ. මේ වතුයාය අසලම පිහිටි තවත් සුන්දරම සංචාරක ඉසව්වක් වන්නේ Lovers Leap දිය ඇල්ලයි.

එසේනම් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කරන ඔබ මේ සුන්දර තේ වතුයායේ අසිරිය විදගැනීමට හා එහි තේ කෝප්පයක මිහිර විද ගැනීමට අමතක නොකරන්න.

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *