පින්නවල අලි අනාථාගාරය යනු ලංකාවේ අනාථ වූ අලින් රැකබලාගනු ලබන ප්‍රධාන මධ්‍යස්ථානයයි. මෙය කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන පින්නවල ප්‍රදේශයේ පිහිටා ඇත. කෑගල්ල සිට මෙහි දුර කිලෝමීටර 10ක් වන අතර රඹුක්කන දුම්රිය ස්ථානයේ සිට එය කිලෝමීටර 2ක පමණ දුරකින් පිහිටයි. මෙය දේශීය හා විදේශීය සංචාරකයින් අතර ඉතා ප්‍රසිද්ධ සංචාරක ඉසව්වක් වන අතර වසර පුරා දහස් ගණනක් සංචාරකයින් මෙහි ඇති අලි ඇතුන් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් නැරඹීමට පැමිණේ.
පින්නවල අලි අනාථාගාරය මුල් වලට ආරම්භ වී ඇත්තේ 1975 වසරේදීය. එහි පිහිටි භූමියේ සම්පුර්ණ වපසරිය අක්කර 25ක් වන අතර ඒ තුළට විශාල පොල් වත්තක්ද අයිතිය. 1987 වසරේදී මෙම මධ්‍යස්ථානය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතට පවරනු ලැබ ඇත. අදවන විට පින්නවල අලි අනාථාගාරය යනු අලි ඇතුන් සම්බන්ධ ප්රදර්ශනාගාරයක්, ජීවී කෞතුකාගාරයක්, සංරක්ෂණාගාරයක් හා අභිජනන මධ්‍යස්ථානයකි.
මේ තුළ සෑම වයස් කාණ්ඩයකම අලි ඇතුන් සිටින අතර ඒ තුළ පාද අහිමි, ආබාධිත හා මව අහිමිවූ අලි පැටවුන්ද වෙති. මේ සියලු එකතුව ගත්කල අලි ඇතුන් 80කට වැඩි ප්‍රමාණයක් මේ තුල රැකවරණය ලබති. එම සතුන් සදහා ආහාර ගැනීම දිය නෑම ඇතුලු දිනපතා කරන වැඩ කටයුතු කීපයක්ම ඇත. මෙම ක්‍රියාකාරකම් සංචාරකයින් නිතැතින්ම ආකර්ෂණය කරනු ලබයි.
අලි ඇතුන්ගේ උදේ ආහාරය උදේ 8.30 – 10 අතර වන අතර ඒ සදහා ඔවුන්ට් කිතුල් කද, පොල් අතු, කොස් කොළ මෙන්ම පලතුරුද ලැබේ. උදේ 10 පමණ වන විට රංචුව පිටින්ම අලි ඇතුන් අසල පිහිටි මා ඔයට දිය නෑමට රැගෙන යනු ලබයි. පසුව නැත ඔවුන් ගොඩට ගෙන අසල පොල් වත්තේ ගාල් කරන අතර නැවත දිවා ආහාරයෙන් පසුව පස්වරු 2 ට පමණ ඔවුන් මා ඔයේ සවස් දිය නෑමට රැගෙන එනු ලබයි. පස්වරු 5ට් පමණ ඔවුන් මුල් ස්ථානවල ගාල් කර සවස 6ට එය වසා දමනු ලබයි.
සංචාරකයින් සදහා පින්නවල අලි අනාථාගාරය උදෑසන 8.30 සිට සවස 6 අතර එය විවෘත වේ. අලි ඇතුන්ට හා සතුන්ට ප්‍රිය කරන ඔබ අනිවාර්යයෙන්ම මෙය නැරඹීමට යා යුතුමය.
(Cover Image Credit Should Goes to the Original Owners)