ඉතින් අද අපි අපේ බ්ලොග් එකෙන් කතා කරන්න යන්නේ තවත් සුන්දරතම වෙරළ තීරයක් ගැන. ඒ තමයි මාතර පොල්හේන වෙරළ තීරය. ලංකාව වටේම මුහුද තිබුණත් දිය නාමින් විනෝද විය හැකි වෙරළ තීරයන් කීපයක් විතරයි තියෙන්නෙ. ඒවා අතරින් පොල්හේන කියන්නේ ලංකාවේ සංචාරකයෝ විතරක් නෙමේ විදේශීය සංචාරකයෝ අතරක් බොහොම ප්‍රසිද්ධ ස්ථානයක්. ගොඩ දෙනෙක් මාතර ප්‍රදේශයේ යනකොට මේ වෙරළ තීරයට යන්න නම් අමතක කරන්නේ නැති තරම්.
මේ සුන්දර පොල්හේන වෙරළ තීරය පිහිටලා තියෙන්නේ මාතර නගරයේ ඉදන් කිලෝමීටර් 2ක් පමණ දුරකින්. ගාල්ල මාතර ප්‍රධාන පාරේ ගාල්ල පැත්තේ ඉදන් කඹුරුගමුව, වල්ගම පහු කරාම හම්බවෙන පොල්හේන මංසංධියෙන් දකුණට හැරිලා කිලෝමීටර් 2ක් විතර ගියාම මේ සුන්දර වෙරළ තීරය හමුවෙනවා.
නිල්වන් වෙරළ තීරයකින් හෙබි පොල්හේනේ තියෙන විශේෂත්වය තමයි මේක ගොඩක්ම රැල්ල අඩු වෙරළක් වීම. ඒකට හේතුව වෙලා තියෙන්නේ වෙරළ ආශ්‍රිතව තියෙන කිලෝමීටර 4ක් විතර දිග කොරල් පරය. මේ නිසාම මේක නාන්න නම් කියාපු තැනක්. ගැඹුරත් අඩු නිසා පොඩි දරුවෙකුට වුනත් බයක් සැකක් නැතිව නාගෙන විනෝද වෙන්න පුලුවන්. පිහිනන්න බැරි අයට උනත් පීනන්න ඉගෙන ගන්න මෙතන නම් සුපිරි. කිමිදෙමින් විවිධ ජල ක්‍රීඩා කරන්නත් මේක සුපිරිම Beach එකක්.
මේ වෙරළේ තියෙන මේ අසිරිය හා දිය නෑමට තියෙන අවස්ථාව හින්දම මේ වෙරළ නිතරම ජනයාගෙන් පිරුණු කාර්යබහුල තැනක්. ඒ හින්දම මේ වෙරළේ පොලිස් මුරපොලක් වගේම වෙරළ ආරක්ෂක කාර්යාලයකුත් පිහිටවලා තියෙනවා. මේ නිසා ආරක්ෂාව ගැන ඔබට මෙහිදී සැකයක් ඇති වෙන්නේ නෑ. ඒත් ඔබ අරන් එන බඩු බාහිරාදිය පරිස්සම් කරගැනීම නම් ඔබේ වගකීමක්. ඒ වගේම ඔබට අවශ්‍ය දේවල් ලබාගන්න වෙළදසැලුත් නවාතැන් ගත හැකි තැනුත් රාශියක්ම වෙරළ අවට පිහිටලා තියෙනවා.
එහෙනම් ඔබ මාතර ප්‍රදේශයේ සංචාරය කරනවානම් මේ සුන්දර පොල්හේන වෙරළට ඇවිල්ලා විනෝද වෙලා යන්න අමතක කරන්න එපා. හැමදාම වගේ ආදරයෙන් ඉල්ලන දේ තමයි මේ වෙරළත් පොලිතීන් ප්ලාස්ටික් ආදිය ගෙනල්ලා විනාශ කරන්න එපා කියන එක.
(Polhena Image by: Malan Shashi from FB)