කිණිහිරගල එහෙමත් නැතිනම් Spinix 2 කියන්නේ නක්ල්ස් කදුකර කලාපයේ මධ්‍යට වෙන්න පිහිටලා තියෙන අමුතුම හැඩයක් තිබෙන කදු ශිඛරයක්. මේ ශිඛරය ඔයාලට ඓතිහාසික මීමුරේ ගම්මානයට යනකොට ඉතාමත් පැහැදිලිව දැකගන්න පුලුවන්. මහනුවර ඉදලා මීමුරේ යනකොට අට්ටලවෙට්ටුව එහෙමත් නැතිනම් Coberts Gap පසුකරනවත් එක්කම උසට උසේ මේ ශිඛරය හොදටම පේනවා.
මේ කන්දේ උස මුහුදු මට්ටමේ ඉදලා මීටර් 1618ක් කියලා තමා මූලාශ්‍ර කියන්නේ. පිහිටලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ. මේ ශිඛරයට දකුණු පැත්තෙන් තියෙන කන්දට කියන්නේ අලියාවැටුනු ඇල කන්ද කියලා. මේ අලියාවැටුනු ඇල කන්දට තංගප්පුව කියන ගමේ ඉදලා එන්න පුලුවන්. නමුත් කිණිහිරගල තරණය කරන්න නම් තංගප්පුව ගමෙන් ගිහින් කරන්න බැහැ. මේ කන්දට පසුපසින් නක්ල්ස් කදු පහ වගේම අලුගල් කන්දත් පිහිටලා තියෙනවා.
කන්ද නගින එකට නිශ්චිත මාර්ගයක් නැහැ. ගොඩ දෙනෙක් කන්ද තරණය කරන්නේ කෝබර්ට් ගැප් එකෙන් පොඩ්ඩක් පහලට ඇවිල්ලා. කන්දට කලින් එක ජල මූලාශ්‍රයක් තියෙනවා කියලයි සදහන් වෙන්නෙ. ඒ නිසා කන්ද තරණය කරනවනම් ඇති තරම් ජලය අරන් යන එක තමා නුවණට හුරු දේ. මේකේ සමහර තැන් කඹයක් නැතිව කොහොමත් නගින්න බැහැ. ඒ වගේම හරියට පාර නොදැන ගියොත් වෙන්නේ අතරමං වෙන්න. අලුතින්ම කදු නගින්න පුරුදුවෙන කෙනෙක්ටනම් මේක කොහොමත් උත්සහ කරන්න හොද කන්දක් නම් නෙමේ. යනවනම් පළපුරුදු කදු නගින්නෙක් හෝ මග පෙන්වන්නෙකු එක්ක යන එක වඩාත් කදිමයි.
කිණිහිරගල කන්ද මුදුනේ කාලගුණය ඉතාම ඉක්මනින් වෙනස් වෙනවා. ඒ නිසා ඒකට ලෑස්ති වෙලා තමා යන්න ඕනෙ. වැස්ස කාලෙට නම් මේ කන්ද තරණය කරන එක ඉතාම භයානකයි. හොදම කාලෙ වෙන්නේ මාර්තු – සැප්තැම්බර් කාලය. කන්ද මුදුනේ කදවුරු බදින්න නම් අමාරුයි. ඒ වගේම ඔයාලත් මේ කිනිහිරගල යනවනම් කූඩැල්ලෝ ගැනත් සැලකිලිමත් වෙලා යන්න කියලා අපි ඉල්ලනවා.
මේ ලිපිය හොදයි කියලා හිතෙනවානම් පහලින් ඔයාලගේ සමාජ ජාල වලට බෙදා ගන්න කියලත් අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.
අපේ අනෙක් ලිපිත් කියවන්න;